ඉකුත් මැයි දිනයේදී රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයට පත් මැතිවරණ පොරොන්දුවක් වූ  1700ක වැටුප ඉල්ලා දෙමළ ප්‍රගතිශීලී පෙරමුණ ප්‍රමුඛ වතුකරයේ කම්කරු ජනතාව ඊයේ දැවැන්ත විරෝධතාවයක් හැටන් නගරයේ දියත් කළහ.

දිගම්බරම්, රාධක්‍රිෂ්ණන්, වේළුකුමාර් යන මන්ත්‍රීවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති විරෝධයට දහස් ගණනක් වතු කම්කරුවෝ එක්ව සිටියහ.

2024 එක්සත් ජාතික පක්ෂ මැයි දිනයේදී රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර සිටියේ වතු කම්කම්කරුවන්ගේ වැටුප 1700ක් දක්වා වැඩිකරන බවත් ඒ පිළිබඳව සියලු කටයුතු කම්කරු අමාත්‍ය මනුෂ නානායක්කාර විසින් සකස් කර ඇති බවත්ය, ඉන්පසු වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම පිළිබඳව ගැසට් නිවේදනයක්ද නිකුත් කළ අතර ශ්‍රේෂ්ටධිකරණ තීන්දුවකින් එම ගැසට් නිවේදනය බලරහිත කරන ලදි.

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම අනිවාර්යෙන් සිදුකලයුතු වුවද, මැයි දිනයේදී වත්මන් ආණ්ඩුව විසින් අහිංසක වතු ජනතාවට ලබාදුන් මෙම පොරොන්දුව ප්‍රයෝගික නොවන හුදු මැතිවරණ  පොරොන්දුවක් පමණක් බව සමගි ජන බල වේගය ප්‍රමුඛ විවිධ දේශපාලන පක්ෂ විසින් අවධාරණය කර සිටියද නිරන්තරයෙන් මෙම පොරොන්දුව මගින් දේශපාලන වාසි ලබාගැනීමට රනිල්-මනුෂ පියවර ගෙන තිබිණි.