පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (Cope) සභාපතිවරයා එම ධුරයෙන් ඉවත්කර එම තනතුරේ වගකීම් නිසිලෙස ඉටුකිරීමට හැකි මනා පරිචයකින්යුත් මන්ත්‍රීවරයෙක් පත්කරන ලෙස ශ්‍රී ලංකා විගණන සේවා සංගමය ඉල්ලීමක් සිදුකර තිබේ.

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් රාජ්‍ය මූල්‍ය පිළිබඳ පාර්ලිමේන්තු පාලනයට අහිතකර බලපෑම් එල්ලවන බව එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇති අතර රන්ජිත් බණ්ඩාර කෝප් කමිටුවේ සභාපතිවරයාගේ අත්තනෝමතික හැසිරීම පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුලදීද චෝදනා එල්ල කළේය.

විගණන සේවා සංගමය ඉදිරිපත් කල කරුණු වලට අනුව 2022 සැප්තැම්බර් මස සිට පත් වූ නව සභාපතිවරයා විසින් මෙහෙයවනු ලැබූ කෝප් කමිටු සඳහා සම්බන්ධ වූ තම සංගමය නියෝජනය කරන ජාතික විගණන කාර්යාලයේ විධායක නිලධාරීන්ගෙන් ද වර්තමාන සභාපතිවරයා පිළිබඳ විවිධ චෝදනා සිය සංගමය වෙත ලැබී ඇති බවය.

 

කෝප් කමිටුව