2022 මාර්තු 30 නාමල් රාජපක්ෂ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනය විවෘත කරන්න ආවම බදුල්ලේ බණ්ඩාරවෙළ කොන්ද පණ ඇති ජනතාව ඊට විරෝධය පළ කර බවත් මාර්තු 31 ඉතිහාසයේ සුවිශේෂී දිනයක් බවත් ජනතාව ඒකාධිපති පාලකයෙක්ට විරුද්ධව එළියට බැස්ස බවත් එහි දෙවැනි වෙඩිමුරය අද බදුල්ලෙන් ආරම්භ කළ බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය පසුගිය දා බදුල්ලේ පැවැති සමගි ජන බලවේගයේ සමගි වනිතා බලවේග සමුළුව අමතමින් පැවසීය.

පළපුරුද්දක් නැති, අත්දැකිමක් නැති, ප්‍රතිපත්තියක් නැති හා වැඩ කරන්න පිරිසක් නොමැති නායකයකුට හෝ පක්ෂයකට රට දීමෙන් රටට සිදු වන්නේ විනාශයක් බවත් එය ගෝඨාභය රාජපක්ෂගෙන් පිළිබිඹු වූ බවත් එම නිසා ‘සොරි අපිට වැරදුනා’ කියන මිනිසුන්ට රට බාර දී නැවතත් සොරි කියාගන්න එපා කියා ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ඇය පැවසීය.

අනුර කුමාර කැනඩාවේදී 88/ 89 වුන දේට සොරි කිව්වට ඒ පවුල්වල අම්මලාගේ කඳුලු නැති නොවන බවත් ගණිකා වෘත්තිය නීති ගත කරනවා කියද්දි, ගෑස් ලිප නොවේ දර ලිපට යන්න කිව්වම අත්පුඩි ගහන කාන්තාවන්ට වඩා රට ඉදිරියට ගෙන යාමට හැකි කාන්තාවන් අවශ්‍ය බවත් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න මහත්මිය පැවසීය.