“රට බංකොලොත්” යන මැයෙන් මහජනතාව දැනුවත් කිරමින් දිවයින පුරා පවත්වන සම්මන්ත්‍රණ මාලාවේ දෙවන අදියර අද(20) පස්වරු 4.00ට රත්මලාන කම්කරු සෙවණේ දී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙම වැඩසටහන සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුත් දූෂණ විරෝධී බලවේගය විසින් සංවිධානය කර ඇති අතර අධි නීතිඥ අතුල රණගල මැතිතුමා මෙම වැඩසටහන සඳහා සහභාගි වීමට සියලු දෙනාට විවෘතව ආරාධනා කරනු ලබයි.

දීප ව්‍යාප්ත මෙම වැඩසටහනේ දෙවන අදියර ලෙස රත්මලාන කම්කරු සෙවණේ දී පවත්වන මෙම වැඩසටහනට මහාචාර්ය ආනන්ද ජයවික්‍රම, ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, ආචාර්ය මහීම් මෙන්ඩිස්, වෛද්‍ය චමල් සංජීව සහ ප්‍රවීණ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර යන මහත්වරුන් දේශකවරුන් වශයෙන් දායකත්වය සලසයි.

මෙම වැඩසටහන සාර්ථක ලෙස පැවැත්වීමට පස්වරු 3.15 විට පැමිණ අසුන් ගන්නා මෙන් සංවිධායකවරුන් කාරුණිකව ඉල්ලා සිටිමු.