ඩීල් ගහන, කොන්ත්‍රාත් කරන මන්ත්‍රීවරයෙක් ඕනනම් අනෙක් පක්ෂවලට ඡන්දය දෙන්න. රට ගොඩනගන මන්ත්‍රීවරයෙක් ඕන නම් සමගි ජන බලවේගයට ඡන්දය දෙන්න.

කොන්ත්‍රාත් කරන මන්ත්‍රීවරයෙකු බිහි කරගත යුතුනම්,හොරකම් කරන,පගා ගහන ,අල්ලස් ගන්න මන්ත්‍රීවරයකු බිහි කරගත යුතුනම් වෙනත් පක්ෂයකට ඡන්දය ලබා දෙන ලෙසත්,ගම ගොඩනඟන,ජනතාවාදී මන්ත්‍රීවරයකු බිහි කර ගැනීමට නම් සමගි ජන බලවේගයට ඡන්දය ලබා දෙන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

සමගි ජන බලවේගය නිර්මාණය කරන පළාත් පාලන ආයතන තුළ තුල ජංගම සේවා ස්ථාපනය කොට ජනතාව දේශපාලනඥයා සොයා එන තත්ත්වය වෙනුවට, දේශපාලනඥයා ජනතාව සොයා යන තත්ත්වයට පත් කරන බවද විපක්ෂ නායකතුමා පැවසීය.

සමගි ජන බලවේගයන් පළාත් පාලන මන්ත්‍රීවරයකුව බිහි වන්නේ පළමු වතාවට බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන් කිසිවකුට කොන්ත්‍රාත් කිරීම තහනම් බව ද පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව පවසා සිටියේ අද(31) පෙරවරුවේ තිරුක්කෝවිල් හි පැවති රැළියක් අමතමිනි.