2019 වර්ෂයේ යහපාලන ආණ්ඩුවෙන් අරම්භ කළ හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව වත්මන් ආණ්ඩුව විසින් ඉදීරි දිනක විවෘත කිරීමට සුදානම් වන බව සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසයි .

මෙය අරම්භ කළේ ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් පැමිණි විශාලතම විදේශ ආයෝජනය වන තෙල් තෙල් පිරිපහදු මධ්‍යස්ථානය සහ සිමෙන්ති කම්හල සඳහා මුල් ගල තැබීම 2019 මාර්තු 26 එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එවකට නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ .

මේ සම්බන්ධයෙන් අද විපක්ෂ නායක කාර්‍යලයේ දී හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයා කියා සිටියේ ,

“අද මේ රටේ කවුරුත් දන්නවා රටේ සිමෙන්ති ප්‍රශ්නයක් තිබුණා ඉදිකිරීම් අංශය සම්පූර්ණම කඩාවැටිලා ඒ විතරක් නෙමේ අපේ ගම්වල ඉන්න මේසන් බාස්ලා වඩු බාස්ලා විදුලි කාර්මිකයන් සියලුදෙනාම විශාල වශයෙන් කඩාගෙන වැටිලා ආදායම් නැතුව විශාල ප්‍රශ්නවලට මුහුණ දුන්නා ඒ අයට අත් උදව් දෙන කම්කරුවෝ සියලු දෙනාම කඩන් වැටිලා හැබැයි දැන් සිමෙන්ති ටික දෙන්න හැදුවේ කවුද ?මේ ආණ්ඩුව මොනතරම් කයිවාරු ගැහුවත් පුරාජේරු ගැහුවත් නැවත වතාවක් 2019 අපි කරපු වැඩ සටහනක ප්‍රතිඵලයක් හැටියට තමයි ඊළඟ දින කිහිපයේදී හම්බන්තොට සිමෙන්ති කම්හල විවෘත වෙන්⁣නේ. දැන් මේකට අමුඩ හොඳට ගහ ගෙන යාවි විවෘත කරන්න. මහ හයියෙන් කෑ ගහලා කියයි අපි සිමෙන්ති දෙනවා කියලා. අම්මගෙ රෙද්ද .කොහේද සිමෙන්ති දෙන්නේ එහෙම සිමෙන්ති දෙන්නේ නැහැ සිමෙන්ති දෙන්නෙ අපි 2019 කරපු දේ නිසා .අපේ යහපාලන ආණ්ඩුවට එදා කොච්චර ඇඟිල්ල දික් කරලා බැන්නාත් මතක තියාගන්න එදා අපි මේ රටේ ඉතිහාසගත වැඩිපුරම ආයෝජනය ගේන වැඩසටහන් කළේ අපි හම්බන්තොට සිමෙන්ති කර්මාන්ත ශාලාව oil පිරිපහදු කර්මාන්තශාලාවක් ආයෝජන හැටියට අද එක ආයෝජනයක් ගෙන්න බැරුව ගියා මේ අයට අපි මේ ආයෝජන දෙක ගෙනල්ල සිමෙන්ති බේරගෙන ඉස්සරහට ඇවිත් ඒකෙ වැඩ කොටස අවසාන වෙලා හෙට එක විවෘත කරනවා හැබැයි අපි විශේෂයෙන් මතක් කරන්න ඔයිල් පිරිපහදු එක නෑ එකට ඕමානයෙන් ආපු අය මේ ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න බැහැ කියලා ආපහු ගිහින් . දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා අපි අහනවා ආණ්ඩුවෙන්ම තමුන්නාන්සේලා විවෘත කරන්න යන්න පෙර කියන්න රටට මොකක්ද ඕමානයෙන් අපිට මුදල් දෙන්න ආපු ඔයිල් රිපයින එක ආපහු යන්නත් සිමෙන්ති කර්මාන්තශාලාව අවසන් කරන්නත් අවස්ථාව කරගත් රහස රටට කියන්න කියලා අපි කියනවා ඒ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ අය තියා ගත්තේ ඇයි.”

හෙක්ටර් අප්පුහාමි මහතා විපක්ෂ නායක කාර්‍යලයේ දී අද පවසා සිටියේය .