මෝස්තරයට විකල්ප තේරීමට ගොස් පොහොට්ටුවට බලය දී අත්කරගත් ඉරණම පාඩමකට ගන්නා ලෙසත්, හුදෙක් කතාවට රට පාලනය කළ නොහැකි බව දැන් ජනතාවට ඒත්තු ගොස් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රට පත්ව ඇත්තේ බරපතළ තත්ත්වයකට බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ රට ගොඩනැඟීමට සුන්දර වචනවලින් නොහැකි බව පැවසූ අතර බලය ලැබුණු පසු වැඩ කරන පිලිවෙල බලය නැතිව තිබියදීත් සමගි ජන බලවේගය ඔප්පු කොට ඇතැයි ද පැවැසීය.
පිලියන්දල, බෝකුන්දර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අත්‍යවශ්‍යව පැවැති ත්‍රීරෝද රථයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකතුමා අද (19) මේ බව පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් අනුව “සමගි ජන බලවේගයේ හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක වේ.
ජීවිතය ප්‍රාර්ථනා කරමින් රෝහලට පැමිණෙන ගිලන් ජනතාවට අවශ්‍ය වන්නාවූ කටයුතු උදෙසාත්, ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු පිණිසත් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන රට පුරා යාත්මක ය.