වත්මන් රජය ප්රශස්තිකරණයේ නාමයෙන් ගෙන ඇති එකම පියවර වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාදක අරමුදල ආක්රමණය කිරීම පමණක් බවත් මෙය ප්රාතිහාර්ය පෑමක් නොව නපුරු හීනයක් බවත් මෙම නපුරු හීනයෙන් අවදි වීමට කාලය එළඹ ඇති බවත් මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසනවා.
මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙම අදහස් ප්රකාශ කර සිටියේ ඊයේ (05) බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී සමගි ජන සන්ධානය පිහිටුවීමේ අවස්ථාවට එක්වෙමින්.
මහාචාර්යවරයා මෙහිදී අවධාරණය කරමින් කියා සිටියේ 69 ලක්ෂයක ජනතාව විසින් වත්මන් රජය පත් කළ නමුත් මේ වන විට වත්මන් ආණ්ඩුව තුළ එම ජනවරම නියෝජනය නොවන බවයි.