මේ ජනාධිපති හෝ අගමැති යටතේ රට ගොඩනගන්න බැරි බවත් මේ යන්නේ ආලෝකය වෙනුවට අන්දකාරය වෙත බවත් එබැවින්, අලුත් ආණ්ඩුවක් හදන්න ජනතාවට ඉඩ දෙන්න යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විශ්වාසභංගට හෙටම හෝ දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා වහාම නියෝජ්‍ය කතානායක ධූරයට අයෙක් පත්කරන ලෙසද ඉල්ලා සිටියේය. සාධාරණ බදු ප්‍රතිපත්තියක් ගැන කියනවිට අත්පොලසන් දෙන අයම මේ ආණ්ඩුව බලයට ආ සැනින් ගෙනා කෝටිපතියන්ට බදු සහන දෙත්දීත් අත්පොලසන් දෙන බව විපක්ෂ නායකතුමා පැවසීය.

කෝටිගනන් ඩොලර් රටට අහිමිකළ පැන්ඩෝරා හොරුන්ගෙන් වහාම මුදල් අයකරගන්නා ලෙස ඉල්ලා සිටි විපක්ෂ නායකතුමා, සුබසාධන රාජ්‍යට පහර නොදෙන ලෙසත්, 2015 රජයේ සේවකයින්ට 10000ක් පඩි වැඩි කිරීම වැරදි බව ආණ්ඩුව කීවත් එය හෙලාදකින බව කී විපක්ෂ නායකතුමා ඒ පඩි වැඩිකිරීමෙන් රාජ්‍ය ආදායම අහිමිකර නොගත් බවද කීය. විපක්ෂ නායකතුමා මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේදී ය. අද රට වැටී ඇත්තේ මාස තිහේ ආණ්ඩුවේ ලිංමැඩි ක්‍රමවේදය නිසා බව කී විපක්ෂ නායකතුමා,අදවත් ලෝකය එක්ක ගනුදෙනු කරන ලෙසද පැවසීය.

ජනාධිපති අගමැති ඇමති අංතට්ටු ලබාගන්නට සමගි ජනබලවේගය සූදානම් නැතිබව කී විපක්ෂ නායකතුමා රට ගොඩනගන වැඩපිළිවෙළකදී ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවද කීවේය.