අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ (07) සන්ධ්‍යාවේ පැවති උද්ඝෝෂණයක ද දැඩි උණුසුම් තත්ත්වයක් මතුව තිබේ.

සමඟි ජන බලවේගය විසින් එය සංවිධානය කර තිබුණු අතර එයට ප්‍රාදේශීය මන්ත්‍රීවරු ඇතුළු පාක්ෂිකයින් ඊට සහභාගී වී සිටියේය.

එම විරෝධතාවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියද සහභාගී වූ අතර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පාක්ෂික ස්වාමීන් වහන්සේලා එම ස්ථානයට පැමිණ විරෝධතාවට බාධා එල්ල කරන බවට විරෝධතාවේ සංවිධායකින් චෝදනා කරන ලදී.

එම අවස්ථාවේදීයි උණුසුම් තත්ත්වයක් මතු වුණේ.