වත්මන් ආණ්ඩුව රට පත්කොට ඇති තත්ත්වය දුටුවිට අහන්නට ඇත්තේ,” හොදට තිබ්බ රටක් අපි වැටිච්ච තැනක්” යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මේ ආණ්ඩුව මුලු රටම මහා ප්‍රපාතයකට තල්ලු කොට ඇති අතර පාන් ගෙඩියක් ගන්නට විල්බැරෝවක් පුරවා මුදල් ගෙනියන්නට සිදුවන තත්ත්වයක් ඉතා ඉක්මනින්ම රටේ උද්ගතවනු ඇති බවත් දිනෙන් දින රට ආර්ථික වශයෙන් බංකොලොත් අඩියකට වැටී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඉදිරියේදී මුදල් අච්චු ගසන මුද්‍රණාල ආරම්භ කිරීමට ආණ්ඩුව කටයුතු කළොත් එය පුදුමයක් නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා, ඒ තරමටම ආණ්ඩුව අසමත් බවද පැවසීය.

තිස්සමහාරාම සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

හිටපු රාජ්‍ය අමාත්‍ය දිලිප්  වෙදආරච්චි ,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී  තෙන්නකෝන් නිලමේ, තිස්සමහාරාම සමගි ජනබලවේගයේ ප්‍රධාන සංවිධායක ලාල් චන්ද්‍ර මහතා ඇතුලු පිරිසක් ඊට එක්විය.එහිදී විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

ගොවි ජනතාව ගොවිබිමෙන් ඈත්කොට එම පුරන් ඉඩම් දේශීය විදේශීය බහුජාතික සමාගම්වලට ආණ්ඩුව විසින් ලබා දෙනු ඇති බවත් ඉන් අනතුරුව දේශීය ගොවියාට යලි හිස එසවිය නොහැකි බවත් විපක්ෂ නායකතුමා පැවසීය.ගොවියාගේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් සමගි ජනබලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නට තීන්දු කළ බවත් වෙනත් කිසිවෙක් එවැන්නක් සිදු නොකළ බවත් සමගි ජනබලවේගය ප්‍රායෝගික සහ සත්‍යවාදී දේශපාලන බලවේගයක් බවත් ඒ මහතා පැවසීය.

balavegaya Screenshot 20211017 160921

රටට පොලී සහ ණය වාරික ගෙවන්නට සිදුව ඇතත්,එවැන්නකට අවශ්‍ය විදෙස් සංචිත රටට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් මීට පෙර අසන්නට ලැබී නැතිබවද කීය. 

තමන්ට සුරකින්නට නෑදෑ පරපුරක් නැති බව පැවසූ විපක්ෂ තමන්ගේ නෑදෑ පරපුර මේ රටේ සමස්ත ජනතාව බවත් තමන්ගේ දරු පරපුර වන්නේ මේ රටේ සමස්ත දරු පරපුර බවත් පැවසූ විපක්ෂ නායකතුමා,ඔවුන්ට කිරුළ පැළැන්දීම තම සිහිනය බවද කීය.