පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවට භාර දී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

තමන් වෙත මුද්‍රණය සදහා ඡන්ද පත්‍රිකා ලැබී ඇති බව රජයේ මුද්රණාලාධිපතිනිය ද තහවුරු කරයි.

මේ වන විටත් ඡන්ද පත්‍රිකා මුද්‍රණය ආරම්භ කර ඇති බව පවසන රජයේ මුද්රණාලාධිපතිනිය, ඒ සදහා ප්‍රමාණවත් තරමට කඩදාසි සහ අනෙකුත් අමුද්‍රව්‍ය හිගයකින් තොරව පවතින බවද පවසයි.