මෙම වසරේ එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලිය අමතමින් වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රු 1700ක් දක්වා වැඩිකරන බවට රනිල් වික්‍රමසිංහ පොරොන්දුවක් දුන් අතර අද (07) පැවති සාකච්ඡාවක් අතරතුර දී ඔහු විසින් එවැනි පොරොන්දුවක් නොදුන් බවත් එය කම්කරු අමාත්‍යංශයේ මණ්ඩලයක් විසින් ගත තීන්දුවක් බවත් රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
රනිල් වික්‍රමසිංහ වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීමට මැයි දිනයේදී දුන් පොරොන්දුව ප්‍රකාරව කැබිනට් මණ්ඩලයෙන් ගැසට් නිවේදනයක්ද නිකුත් කළ අතර මෙම තීන්දුව කිසිඳු වැඩපිළිවෙලකට අනුව ගත් තීන්දුවක් නොවන බවට වතු හිමියන් විරෝධතා දැක්වූවා, වතු හිමියන් මේ පිළිබඳව අධිකරණය හමුවට ගොස් කරුණු ඉදිරිපත්කර තිබූ අතර, ඉන්පසු කැබිනට් මණ්ඩලය විසින් නිකුත් කළ ගැසට් නිවේදනයද අවලංගු කිරීමට සිදුවූ අතර ජනාධිපති රනිල්වික්‍රමසිංහ විසින් එවන් පොරොන්දුවක් නොදුන් බවට ප්‍රකාශ කරන්නේ මෙවැනි පසුබිමකයි.