ජනාධිපතිවරණයට දින නියම කර මේ වන විට රට පුරා මැතිවරණ නීතිය ක්‍රියාත්මක වන පසුබිමක ජයගමු ශ්‍රී ලංකා, උරුමය, ණය ලබාදීමේ වැඩසටහන් ආධී වැඩසටහන් රාශියක් ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙන රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රට පුරා ක්‍රියාත්මක වීම ප්‍රශ්න කරමින් සමගි ජන බලවේගය විසින් මැතිවරණ කොමිෂන් සභාවට පිළියක් බාරදී තිබේ.

අද සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් තිස්ස අත්තනායක මහතා කියා සිටියේ මැතිවරණ නීතියට පක්ෂයක් ලෙස පිළිගන්නා බවත් එය කඩ කිරීමට කිසිඳු ක්‍රියාමාර්ගයක් නොගන්න බවත් එසේනම් මෙම නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක විය යුතු බවත්ය.

එස් එම මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ මැතිවරණ නීතියට ගරු කරමින් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රට පුරා පැවැත්වූ සක්වල, හුස්ම වැනි ප්‍රජා සත්කාර වැඩසටහන් සියල්ල මේ වන විට නවත්වා ඇති බවත් එසේ තිබියදී රජයේ මුදල් වියදම් කරමින් හෝමාගම ප්‍රදේශයේ රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ වැඩසටහන ආධී විවිධ වැඩසටහන් මේ වන විටත් ක්‍රියාත්මක වන බවත් මේ සියල්ල මැතිවරණය කඩාකප්පල් කිරීමට සිදුකරන ක්රියවලියක්ද යන්න පිළිබඳව සැක මතුවන බවයි.

 

සමගි ජන බලවේගයේ මහා ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතාගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිෂන් සභාවට බාරදෙනු ලැබූ ලිපිය,