මැතිවරණයට දින නියම කිරීමට තව මාසයක පමණ කෙටි කාලයක් තිබියදී ජනාධිපතිවරයා තම වැය ශීර්ෂය සඳහා මහජන මුදල් රුපියල් මිලියන 8750ක්  වෙන්කරගෙ තිබෙන බවත් එම මුදල ඉදිරි මැතිවරණයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට බාවිතා කිරීම පිළිබඳ සැකයක් මතුවී තිබෙන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් මහතා පවසනවා.

මැතිවරණයක් අත ළඟ තිබියදී වත්මන් ජනාධිපතිවරයා සිදුකරන මෙම ක්‍රියාවලිය පිළිබඳව විනිවිද භාවයෙන් යුතු විමර්ශනයක් අවශ්‍ය වී ඇති බවයි මෙම කරුණු ඉදිරිපත් කරමින් මුජිබර් රහ්මාන් මහතා කියා සිටියේ.

මුජිබර් රහ්මාන් මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් 4න් 1ක් දුගියන් බවට පත්වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම 56 වනසැසි වරයා ආරම්භ කරමින් සිදුකල පළමු කතාවේදීම අවධාරණය කළ බවයි.