අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුව තුළ දී කළ ප්‍රකාශය දේශපාලන වාසි තකා, පදනම් විරහිතව, පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී කළ නිර්ලැජ්ජිත ප්‍රකාශයක් බව බරපතල වංචා දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති ලැසිල් ද සිල්වා මහතා ප්‍රකාශ කරනවා.
ඔහු කියා සිටියේ රටේ නීතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතූ හිතූ ආකාරයට අවභාවිතා කිරීමට දේශපාලනඥයින්ට නොහැකි බවත් අධිකරණමය කටයුතු වලට ව්යවස්තයකයේ අතපෙවීමක් සිදුවිය යුතු නොමැති බවත්ය.
ලැසිල් ද සිල්වා මහතා මෙම අදහස් කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන් හිටපු පොලිස්පතිවරයාගේ පොලිස්පති ධූරය අත්හිටුවීමට අධිකරණය දුන් නියෝගය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන අග්‍රාමාත්‍යවරයා කියා සිටි අදහස් වලට පිළිතුරු දෙමින් .
දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී කියා සිටියේ පොලිස්පති ධූරය අත්හිටුවීමට අධිකරණය දුන් නියෝගය පිළිනොගන්නා බවත්, රටේ පොලිස්පතිවරයෙකු මේ ආකාරයෙන් ඉවත් කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බවත්ය.
බරපතල වංචා දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති ලැසිල් ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් අවධාරණය කරමින් කියා සිටියේ මානව හිමිකම් කඩකළ පොලිස්කාරයෙක් එලියට දාන්න, අධිකරණයට සම්පූර්ණ අයිතිය තියන බවත් ඒ පිළිබඳව විවාදයකට වුවද මුහුණ දීමට තමා සුදානම් බවයි.