මාතලේ ඇල්කඩුව වතු යායේ පවුල් 3කට අයත් 14ක පිරිසක් වතු අධිකාරි වරයා ඇතුලු පිරිසක් පැමින පළවා හැර ඔවුන්ගේ තාවකාලික නිවාස පවා කුඩුපට්ටම් කර ඇති සිදුවීම කුමන්ත්රණයක් බව පාර්ලිමේන්තු මන්ත්රී චමින්ද විජේසිරි පවසයි.
එතුමා පවසන්නේ මෙම සිදුවීම සැලසුම් සහගතව කල එකක් බවත් ඉදිරි මැතිවරණ මූලික කරගනිමින් මෙවැනි අත්තනෝමතික අමනොඥ ක්රියා ආණ්ඩු පාර්ශවය විසින්ම සිදුකරන බවත්ය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් විජේසිරී මන්ත්රීවරයා පවසන්නේ ආණ්ඩුව විසින් නැවතත් කතිකාවතකට බදුන් කර තිබෙන 13වන සන්ශේධනයට සමගමිවම මෙවැනි ක්රියා සිදුකරන බවත් එසේ නොමැතිනම් මේ වන විටත් එම වතු සිදුවීමට ආදාල පුද්ගලයින්ට නිතිය ක්රියාත්මක කල හැකි බවත්ය.
ගරු ඇමතිතුමා එතන ගිහින් රඟපෑවට වැඩක් වෙන්නෙ නෑ ආණ්ඩුවේ කොන්ද තියන ඇමතිවරයකු නම් එම අනීතික කටයුත්ත කරපු වතු අධිකාරීව අත්තඩංගුවට ගන්න ඕනේ……..