ජූනි, ජූලි, අගෝස්තු රටටම කන්න දෙන්නේ මාතලේ, ඌව, පොලොන්නරුව, වගේ පුංචි කොටසක හැදෙන කරල්, ගෙඩි කියලා නොදන්න මිනිස්සු එක්ක සාගතයක් වලක්වන්න බෑ.

විල්ගමුවේ, ගිරාදුරුකෝට්ටේ, මිරිස් ගහකින් අමු මිරිස් කිලෝ තුනකට වැඩිය කඩනවා. ගෙවත්තේ ග්රූම් 200 ක් ලැබෙන්නේ නෑ.

ගොවියාට බෙහෙත් පොහොර නෑ. දැන් වතුර ටික ඉහින්න ඩීසල් නෑ.

අද දවසටම මේක, මේ මෝඩ තීරණ ගන්නා මිනිස්සුන්ට කියලා දෙන්න උත්සහ කලා.

මේ ආණ්ඩුවේ ප්‍රශ්නය මිනිස්සු අතරට ගිහින් බය නැතුව කතා කරන්න බැරි නායකයෝ නැති එක. රටම මහ විනාශයකට යනවා. හැමෝම හැංගිලා බලාගෙන ඉන්නවා. මම කතා කළේ රට වෙනුවෙන්.

හැබැයි අහන්න, කියන දේවල් තේරුම් ගන්න, තීරණයක් ගන්න මිනිහෙක් නෑ. මාතලේ අපිට නම් තවම ගෙඩියක් කඩාගෙන කන්න තියෙනවා. ඒත් රටට විනාශයි. මම අවුරුදු දෙකක් කියන්න පුළුවන් හැම කෙනාටම කිව්වා. අදත් කිව්වා. දේශපාලනය පැත්තක තියන්න.

මිනිස්සුන්ගේ දුක දන්නේ නැති, මිනිස්සු පත් කර ගත්තාම ගහ කොළ සතා සිව්පාවා පවා දුක් විදිනවා.