හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාරගේ පක්ෂ තහනම නිවැරදි බවට වන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව අනුව ඔවුන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයන් අහෝසි වීමට නියමිත බවත් මනූෂ නානායක්කරගෙන් අහිමිවන මන්ත්ධුරය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයෙන් බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතාගේ නම මැතිවරණ කොමිෂන් සභාවට යෝජනා කරන බවත් සමගි ජන බලවේගයේ ප්‍රකාශකයෙකු අප වෙත කියා සිටියා.

අධිකරණ තීන්දුව පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියට ලැබුණු පසු ඇය විසින් මෙම මන්ත්‍රී ධුර හිස් වී ඇති බවට මැතිවරණ කොමිසන් සභාව වෙත දැනුම් දීමට නියමිතයි.

හරීන් ප්‍රනාන්දු සජබ ජාතික ලැයිස්තුවේ මන්ත්‍රීවරයෙක් වන අතර මනුෂ නානායක්කාර සජබ ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ මන්ත්‍රීවරයෙක්.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව ජාතික ලැයිස්තුවේ හිස් වන මන්ත්‍රී අසුනට පක්ෂ මහ ලේකම්වරයා විසින් සුදුස්සෙකු පත්කර එවිය යුතු අතර ගාල්ල දිස්ත්‍රික්කයේ සජබ පාර්ලිමේන්තු මහ මැතිවරණ මනාප ලැයිස්තුවේ මීළඟට සිටින පුද්ගලයා නව මන්ත්‍රීවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ සජබ මනාප ලැයිස්තුවේ ඊලගට සිටින්නේ බන්දුල ලාල් බණ්ඩාරිගොඩ වන අතර ඔහු මනාප 34897ක් ලබා ගනිමින් ගාල්ල දිස්ත්‍රික් පරාජිත ලැයිස්තුවේ පලමු වැනියා ලෙස සිටිනවා.