සහල් සහ බඩඉරිඟු පිටරටින් ආනයනය කර ආණ්ඩුව උත්සහ කරන්නේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දැමීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.
අද (05) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මේ බව සඳහන් කළේය.
කීරි සම්බා සහල් වර්ගයට සමාන සහල් තොගයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බවත්
මෙම හාල් විශ සහත හාල් වර්ගයක් බවත් එම හාල්වල කැඩිමියම් , ඊයම් , රසදිය අඩංගු වන බවත් ආණ්ඩුව බාල බෙහෙත් ආනයනය කළා වගේ බාල හාල් ආනයනයට සුදානම් වන බවත් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සීනි බද්ද අඩු කර සීනි ආනයනය සිදු කළ ආකාරයට ආණ්ඩුවේ ගජ මිතුරන්ට සහන ලබාදෙන්න හාල් සඳහා අයකළ රුපියල් 68 බද්ද රුපියලට බස්සා හාල් ආනයනයට කටයුතු කරන බවත් මේ හේතුවෙන් රටේ දේශීය වී ගොවියා දැඩි අසරණ තත්ත්වයකට පත් වන බවත් මද්දුම බණ්ඩාර මහලේකම්වරයා කීය.
මැතිවරණය පිළිබඳ අදහස් දක්වමින් මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීවේ , රටේ තිබෙන ශක්තිමත්ම සන්ධානය සමගි ජන බලවේගය විසින් නිර්මාණය කරන්න සියලු වැඩකටයුතු සුදානම් කරලා තිබෙන බවත් ජාතිවාදී , ආගම්වාදී නොවන දූෂණ චෝදනා නැති පිරිසිදු කණ්ඩායමක් සමගි ජන සන්ධානයට එකතු කරගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඉදිරියේදී පැමිණෙන මැතිවරණ සියල්ලම විශ්ෂ්ඨ ලෙස ජය ගන්න සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයට හැකියාව තිබෙන බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේද පැවැසීය.
‘‘රටේ ගොවිජනතාව අන්ත අසරණ තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. ගොවීන්ට පහුගිය කන්න හතරේ අදායම ගන්න නොහැකි වුණා. ගෝඨාභයගේ පාලන කාලය තුළ ක්‍රියාත්මක කළ කාබනික පොහොර ප්‍රතිපත්තිය හේතුවෙන් ගොවීන් දැඩි අසීරුතාවයකට පත්වුණා. මේ අතර වර්තමාන ආණ්ඩුව වී වගාවට යොදන කෘමි නාශක වලට සියයට 18.5 ක වැට් බද්ද එකතු කරන්නත් කටයුතු කරලා තිබෙනවා.
මේ අතර කැබිනට් මණ්ඩලය තීන්දු කරනවා කීරි සම්බා හාල් ටොන් ලක්ෂ ගණනාවක් ආනයනය කරන්න. මේ හාල් විශ සහත හාල් වර්ගයක්. ආනයනය කරන හාල්වල කැඩිමියම් , ඊයම් , රසදිය අඩංගු වෙනවා. ආණ්ඩුව බාල බෙහෙත් ගෙනාවා වගේ දැන් බාල හාල් ගේන්නයි කටයුතු කරන්නේ.
සීනි බද්ද අඩු කරලා සීනි ආනයනය කළා වගේ ආණ්ඩුවේ ගජ මිතුරන්ට සහන ලබාදෙන්න හාල්වල රුපියල් 68 බද්ද රුපියලට බස්සලා හාල් ගේන්න කටයුතු කරනවා. මේ හේතුවෙන් රටේ ගොවි ජනතාව දැඩි අසරණ තත්ත්වයකට පත් වෙනවා. වී අස්වැන්න හොදින් ලැබෙන කාලයක තමයි ටොන් ලක්ෂ ගණනාවක් හාල් පිටරටින් ගෙන්න ආණ්ඩුව කටයුතු කරන්නේ. ගොවියාට මේ කන්නයේදී වී විකුණා ගැනීමට නොහැකි තත්ත්වයක් මේ හරහා ඇතිවෙනවා. සහල් ආනයනය හේතුවෙන් ආණ්ඩුවට උදව් කරන වී මෝල් හිමියන් කෝටිපතියන් බවට පත්වෙනවා. ආණ්ඩුව පොහොරවලට බදු අයකරන ගමන් සහල් බද්ද අඩු කරනවා. සහල්වලට බද්දක් අය කරන්නේ දේශීය ගොවියාට සාධාරණ මිලක් ලබාගැනීමට.
ආණ්ඩුව බඩඉරිඟු සඳහා අයකළ බද්දත් අඩු කරලා තිබෙනවා. මොණරාගල , අනුරාධපුර , දිස්ත්‍රික්කවලින් බඩඉරිඟු අස්වැන්න ලැබෙමින් තිබියදී බඩ ඉරිඟු ටොන් ලක්ෂ 2 ක් පිටරටින් ගේන්න ආණ්ඩුව ගජමිතුරන්ට අවසර ලබාදීලා තිබෙනවා. ආණ්ඩුව උත්සහ කරන්නේ රටේ කෘෂිකර්මාන්තය විනාශ කර දමන්න.
ගෝඨාභය ඇතුළු අමනෝඥ පාලකයින් කාබනික පොහොර ප්‍රතිපත්තිය ගෙන ඒමට පෙර අක්කරයකින් වී බුසල් 120 ක් ලබාගත්තා. කාබනික පොහොර ප්‍රතිපත්තිය ගෙන ඒමෙන් පසු අක්කරයකින් ගත්ත වී බුසල් ගණන 50 දක්වා අඩුවුණා. ඒ අමනෝඥ ප්‍රතිපත්තිවලින් ගොවියා අන්ත අසරණ තත්ත්වයට පත්වුණා. ‘‘
රටේ තිබෙන ශක්තිමත්ම සන්ධානය සමගි ජන සන්ධානය
‘‘රටේ තිබෙන ශක්තිමත්ම සන්ධානය සමගි ජන බලවේගය විසින් නිර්මාණය කරන්න මේ වනවිට සියලු වැඩකටයුතු සුදානම් කරලා තිබෙනවා. විවිධ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සමඟ අපි මේ වනවිට සාකච්ඡා කරමින් සිටිනවා. පිරිසක් සෘජුවම සමගි ජන බලවේගය සමඟ එකතුවෙනවා. තවත් පිරිසක් සමගි ජන සන්ධානය සමඟ එකතුවෙනවා.
රටේ මීට පෙර ජනාධිපතිවරණ ජයග්‍රහනය කරලා තිබෙන්නේ සන්ධාන සමඟයි. තනි පක්ෂයක් අවසන් වරට ජය ගත්තේ 1977 දී. ඉන්පසුව පිහිටවපු ආණ්ඩු මැතිවරණ ජයගත්තේ සන්ධානගතවෙලා.
ජාතිවාදී නොවන ආගම්වාදී නොවන දූෂණ චෝදනා නැති පිරිසිදු කණ්ඩායමක් සමගි ජන සන්ධානයට ඉදිරියේදී එකතු කරගැනීමට සැලසුම් කරලා තිබෙනවා.
ජානතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ සමගි ජන සන්ධානයට දැන් බයවෙලා සිටින්නේ. ඉදිරි මැතිවරණ සියල්ලම විශ්ෂ්ඨ ලෙස ජය ගන්න සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානයට හැකියාව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් කියනවා ඔවුන්ගේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා. නාමල් රාජපක්ෂ කියනවා ඔවුන් අපෙක්ෂකයෙක් තොරාගෙන නෑ කියලා. ධම්මික පෙරේරා කියනවා ඔහු පොහොට්ටුවේ පොදු අපෙක්ෂකයා කියලා. මේ අනුව බැලුවහම ආණ්ඩුව ඇතුළේ අර්බුද රැසක් නිර්මාණය වෙලා තිබෙනවා.‘‘