වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහල් කිලෝවක් රුපියල් 100ට වෙළෙඳසල් වල අලෙවි කරන බව පැවසුවත් එහෙත් රුපියල් 100ට කිසිම වෙළෙඳසලකින් මිලදි ගැනීමට නොහැකි බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි .
ඔහු මෙසේ කියා සිටියේ මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයට පිළිතුරු ලබා දිමට අසල තිබුණු වෙළෙඳසලකට ඇතුළු වීමෙන් ය.
එහිදී තවදුරටත් කියා සිටියේ ඉන්දියන් සහල් කිලෝවක් රුපියල් 120ක් බවද මෙරට නාඩු සහල් කිලෝවක් 165 -170 අතර මිලකට අලෙවි වන බවයි.