අධිකරණ නියෝග නොතකමින් ගාලූමුවදොර බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටි පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩගුංවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරනවා.

කොටුව පොලිසිය විසින් අද උදෑසන ඔවුන් අත්අඩගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

කොටුව පොලීසිය මගින් ඔවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී අරගලකරුවන් සමග උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ගාලූ මුවදොර, බණ්ඩාරනායක පිළිරුව පිහිටි ස්ථානයේ සිට මීටර් 50ක ප‍්‍රදේශය තුළ කිසිදු පාර්ශවයකට ඇතුළුවීම වළක්වාලමින් කොළඹ කොටුව මහෙස්ත‍්‍රාත් අධිකරණය විසින් පසුගියදා නියෝගයක් නිකුත් කළා.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකෙරෙන බවයි පොලීසිය සඳහන් කළේ.