වත්මන් ආණ්ඩුවේ ඇමතිවරු IMF එක හරහා රට ගොඩගන්නා බව පවසන අතර IMF එකෙන් ලංකාවට ලබාදෙන්නේ ඩොලර් බිලියන 2.9ක් පමණක් බවත් ආණ්ඩුව VFS මංකොල්ලයෙන් පමණක් ඩොලර් බිලියන 2.75ක පාඩුවක් රටට කර ඇති බවත් මරික්කාර් මන්ත්‍රීවරයා ප්‍රකාශ කරනවා.

මරික්කාර් මන්ත්‍රීවරයා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියේ VFS මංකොල්ලයට අමතරව තෙල් වලින්, ගල් අගුරු වලින් සහ ගෑස් වලින් ආණ්ඩුව විශාල පාඩුවක් රටට කර ඇති බවත් IMF එකෙන් රට ගොඩදැමීමට ලබා දෙන මුදලට වඩා මුදලක් වත්මන් ආණ්ඩුව විසින් රටට මේ වන විට අහිමි කර තිබෙන බවයි.