ආණ්ඩුව මැතිවරණ පැවැත්වීම සදහා මුදල් නොමැති බව ප්‍රකාශ කරද්දී පාඩු ලබන තෙල් සංස්ථාව සහ ශ්‍රී ලන්කන් සමාගම ‌සිය සේවකයන්ට බෝනස් ගෙවීස සදහා 178කට අධික මුදලක් වැය කොට ඇති බව වාර්තා වේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මාස දෙකක වැටුප් එහි සේවකයන් වෙත ගෙවා ඇති අතර ශ්‍රී ලන්කන් ගුවන් සේවය එහි සෑම සේවකයෙකුටම රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රසාද දීමනා (බෝනස්) ලෙස ගෙවා ඇතැයි ද වාර්තා වේ.

මුදල් අමාත්‍යංශය චක්‍ර ලේඛයක් මගින් මෙම දැනුම් දීම කර තිබුණත් ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් තෙල් සංස්ථාව ලාබ ලබන බව පෙන්වමින් මෙලෙස ප්‍රසාද දීමනා ගෙවා ඇතැයි සඳහන් වේ. මේ වෙනුවෙන් රුපියල් කෝටි එකසිය විස්සක මුදලක් වැය කර ඇතැයි ද ලාබ ලබන බව පෙන්වා ඇත්තේ සංස්ථාවේ ඇති ණය ඇතුළත් නොවු වාර්තාවක් යටතේ බව ද දැනගන්නට තිබේ.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් 4200ක් සිටින අතර මොවුන්ට මාස දෙකක වැටුපක් මෙලෙස ප්‍රසාද දිමනා (බෝනස්) ලෙස ගෙවා ඇත.

එහි ඉහල නිලධාරීන් අතර රුපියල් ලක්ෂ 5 ක මාසික වැටුප් ලබන නිලධාරීන් ද සිටින බැවින් යම් යම් නිලධාරීන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වූ ප්‍රසාද දීමනා (බෝනස්) ගෙවා ඇතැයි ද වාර්තාවේ. එලෙස ලක්ෂ ගණනින් බොහෝ පිරිසක් ප්‍රසාද දීමනා (බෝනස්) ලබා ගැනීම නිසා ඉහත මුදල වැයවී ඇතැයි ද සඳහන්ය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ සේවකයන් 5800 ක් සිටින අතර ඔවුන්ට 13 වෙනි මස වැටුප ලෙස සදහන් කරමින් සේවකයෙකුට රුපියල් ලක්ෂය බැගින් ගෙවා තිබේ.

ඒ අනුව රුපියල් කෝටි 58 ක් මේ වෙනුවෙන් වැය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් පාදක කරගනිමින් මෙලෙස 13 වෙනි මස ලෙස දක්වා ප්‍රසාද දීමනා ගෙවීම අනුමත කර ඇතැයි ද වාර්තා වේ.