සුරියවැව වල්සපුගල ප්‍රදේශයේ වන අලි තර්ජනයට ලක්ව වීම නිසා, වන අලි රක්ෂිතය වෙන් කර දෙන මෙන් ඉල්ලමින් ගොවියන් සිදු කරන මාරාන්තික සත්‍යග්‍රහයට ඊයේ දින පාර්ලිමේන්තු මන්ත්‍රී දිලීප් වෙදආරච්චි මහතා සහභාගි වුණා .
සුරියවැව වල්සපුගල වනරක්ෂිතය ගැටලුව විසදන්නයි ඉල්ලා ගොවි සංවිධාන 86ක් දින 105ක මාරාන්තික උපවාසයක් සිදු කළේ ය. එහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව විසින් මෙම රක්ෂිතය සදහා ගෑසට් පත්‍රයක් ඉදිරිපත් කළා එහෙත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම නිසා යලිත් වල්සපුගල ගොවියන් දින 22ක් තිස්සේ සත්‍යග්‍රහයක් අරඹා ඇත.
එම අවස්ථාව ගිය දිලීප් වෙදආරච්චි මහතා කියා සිටියේ “හම්බන්තොටින් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු 7න් 6ක් පොහොට්ටුවට පත් කර දෙන්න මූලික උන හම්බන්තොට ගොවි ජනතාවට මෙහෙම කරන්න එපා..”
මෙම ගෑසට් පත්‍රය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසද ආණ්ඩුවට දිලීප් වෙදආරච්චි මහතා බලකර සිටියේය .
තවද මේ රක්ෂිතය පිළිබඳ රජයේ නිළධාරීන් මෙම ස්ස්ථානයට පැමිණ අවශ්‍ය තොරතුරු ලබා ගෙන ආණ්ඩුවට දැදැණුවත් කර විසදුම් ලබා දීමට කටයුතු කර යුතු බව මන්ත්‍රීවරයා කියා සිටියේය .