නාරම්මල පොලිසිය විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මියගිය ලොරි රථ රියදුරුගේ පවුලේ ඥාතීන් වෙත වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.
මේ අතර, අදාළ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයාගේ තාවකාලිකව වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.
නාරම්මල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරවයා ඊයේ (19) පස්වරුවේ ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට නියෝග කර තිබුණා.
නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ මෙම නියෝගය ලබා දී තිබෙනවා.
නාරම්මල – දම්පැලැස්ස වළංකඩේ ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් මහරච්චිමුල්ල, වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචි ලොරි රථ රියදුරෙකු වන 41 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් වුණා.