එක්සත් ජනතා සන්ධානයේ ප්‍රධාන ලේකම් ධුරයෙන් තමා ඉල්ලා අස්වීමට සූදානම් බව තිලංග සුමතිපාල මහතා එහි නායක ‍හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් මඟින් දන්වා තිබෙනවා.

එහෙත් ඊට පෙර ප්‍රධාන ලේකම් ධුරය සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකළ පෙත්සම පළමුව ඉවත්කර ගත යුතු බවත් ඉන් අනතුරුව තමා ඉල්ලා අස්වන බවත් තිලංග සුමතිපාල මහතා යැවු ලිපියේ සඳහන්.

2022 නොවැම්බර් 21 වැනි දින කොළඹ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පැවති පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යෝජනාවෙන් සහ මධ්‍යම කාරක සභාවේ ඒකමතිකව ගනු ලැබූ තීන්දුවකට අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති, හයවන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් තිලංග සුමතිපාල මහතා වෙත ඊට අදාළ පත්වීම් ලිපිය ප්‍රදානය කරනු ලැබීය.

එම පත්කිරීම අභියෝගයට ලක්කරමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා විසින් අධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකර තිබෙනවා.

මෙම නඩු කටයුත්ත අධිකරණය හමුවේ පැවතීම හේතුවෙන් පසුගිය වර පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජනනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීමේ අවස්ථාවද එහි දේශපාලකයන්ට අහිමි වුණා.

සිය ලිපිය මගින් සිය ලිපිය මගින් මෙම කරුණු ද උපුටා දක්වමින් ජනපති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවට සම්බන්ධ වී සිටින මහින්ද අමරවීර ඇමතිවරයා ඇතුළු පිරිස සමඟ මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඇතිකරගත් එකඟතා හෙළා දැක තිබෙනවා.