බලවත් ශක්තිමත් විධායක කමිටු ක්‍රමයක් පාර්ලිමේන්තුව හරහා ගොඩ නගමින් රට මේ ව්‍යසනයෙන් ව්‍යසනයෙන් ගලවා ගැනීමට කැපවෙමු යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සර්ව පාක්ෂිකව එකට එක්වූ බව නාමිකව ලෝකයට පෙන්වන්නට කරනු ලබන ටෙලිනාට්‍යයකට තමන් කිසිසේත් එකඟ නොවන බව පැවසූ විපක්ෂ නායකතුමා විධායක ශක්තිමත් බලතල සහිත පාර්ලිමේන්තු කමින් ක්‍රමයක් කරා පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ටම රට ගොඩනැගීම වෙනුවෙන් බලවත් කටයුත්තකට දායක විය හැකි බව පැවසූ විපක්ෂ නායකතුමා, රටේ යහපත වෙනුවෙන් ඒ කටයුත්ත ඉටු කළ යුතු යැයි ද පැවසීය.

රට බරපතළ ව්‍යසනයකට වැටී ඇති මොහොතේ අප සියලු දෙනාගේම අරමුණ වන්නේ එකට එක්ව සර්වපාක්ෂිකව මේ රට ගොඩනඟා ගැනීම බවත්, එහෙත් අදවනවිටත් මේ රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීමට රජය කටයුතු කර ඇතැයි ද විපක්ෂ නායකතුමා පැවසීය.

මීට පැය කිහිපයකට පෙර අතුව ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු පැහැරගෙන ගොස් ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා,තරුණ පරපුර අබිරහස් අන්දමින් පැහැරගැනීමට ලක් වෙමින් සිටින බවද පැවසීය.
ජාතික ප්‍රතිසංස්කරණ සදහා වූ වැඩපිළිවෙළ සැකසීමේ කමිටුවේ විශේෂ රැස්වීමක් අද (08) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ දී පැවැත්විණි. දේශපාලන නායකයින්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයින්, විද්වතුන් ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ.

මීට පෙරද අවස්ථා කිහිපයකදී මෙම කමිටුව රැස්වී ජාතික ප්‍රතිසංස්කරණ සඳහා වූ වැඩපිළිවෙළ පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය. මේ රටේ ලක්ෂ විස්සකට වැඩි ප්‍රමාණයකට ආධාර සහ පෝෂණ ශක්තිය අවශ්‍යව තිබෙන බවත්,එකී පෝෂණ අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය මුදල පවා රටෙන් නැති තත්වයක් උද්ගතව තිබෙන බවත් ඒ මහතා පැවැසීය.

මේ රටේ මව් පරපුර දරු පරපුර පුරවැසි පරපුර සහ තරුණ පරපුර නගා සිටුවීම වෙනුවෙන් සුවිශේෂී මැදිහත්වීමක් කළ යුතු වකවානුවක් එළඹ තිබෙන බව පැවසූ විපක්ෂ නායකතුමා, එවන් මොහොතක රටට පාරක් පැටවෙන කිසිම කටයුත්තකට සමගි ජන බලවේගය හෝ සමගි ජන සන්ධානය යොමු නොවෙන බව ද ඒ මහතා පැවැසීය.