ජනතාවට කිසිඳු ප්‍රතිපලයක් නොවූ ජනාධිපතිවරයාගේ සුබ ආරංචිය ස්ථාවර නියෝග අත්හිටුවමින් බලහත්කාරයෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමට සැලසුම් කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට බලහත්කාරයෙන් ගෙන ඒමට නියමිත මෙම යෝජනාව දින දෙකක් විවාද කිරීමට සැලසුම් කර ඇති බවයි කිරිඇල්ල මහතා සඳහන් කලේ.

මෙම යෝජනාව හෙට දිනයේදී කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට නියමිත බවත් අඟහරුවාදා උදෑසන විපක්ෂයට බාර දීමට කටයුතු කරන බවත් මෙයට විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය සුදානම් නැති බවත් කිරිඇල්ල මහතා පවසනවා

ජනතාවගේ ජීවිතය සුළු ප්‍රමාණයකින් හෝ පහසු කරන ආරංචියක් ජනචිපතිවරයා ප්‍රකාශයට පත් කරයි යන බලාපොරොත්තුවකින් ජනතාව සිටි නමුත් මෙම ආරංචිය පුස්සක් වී තිබෙන ආහාර වේල් තුන සම්පූර්ණ කරගත නොහැකි ජනතාවට මෙම සුබ ආරංචිය හරහා කිසිඳු සහනයක් නැති නොමැති බවයි කිරිඇල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේ.