පැරණි ඡායාරූප යොදාගනිමින් හිටපු හමුදාපති දයා රත්නායක මහතා වෙනත් පක්ෂයකට සම්බන්ධ වී ඇති බවට පලවන පුවත් අසත්‍ය බවත් එවැනි අසත්‍ය පුවත් තරයේ හෙලා දකින බවත් සඳහන් කරමින් සමගි ජන බලවේගය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම මාධ්‍ය නිවේදනය සමගි ජන බලවේගයේ ජනාධිපති මැතිවරණ මෙහෙයුම් ප්‍රධානි සුජීව සේනසිංහ මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන අතර මෙම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රටේ ඉදිරි මැතිවරණයකදී බිහිවන පුළුල්ම සන්ධානය සමගි ජන බලවේගය මූලික කරගනිමින් නිර්මාණය වෙමින් තිබෙන බවත් එමනිසා මෙවැනි පදනම් විරහිත අසත්‍ය පුවත් නැවත නැවතත් සංසරණය කල හැකි බවත්‍ ය.

කෙසේ වෙතත් මෙම පැරණි ඡායාරූප යොදාගනිමින් අසත්‍ය පුවත පළකර තිබුනේ ලංකේය සමාජය තුල සුපුරුදු දූෂිත දේශපාලන සංස්කෘතිය පෝෂණය කරමින් එය ආරක්ෂා කරමින් යන, ගොටභය රාජපක්ෂ ජනාධිපති කරවීම පිණිස කැලණිය විහාරස්ථානය මූලික කරගනිමින් නාගයෙකු පැමිණි බවට අසත්‍ය පුවත් පළකර, ජාතිවාදය පෝෂණය කරමින් සිංහල මුස්ලුම් භේදයක් ඇතිකිරීමට අදාළ දොස්තර සාෆි, වඳ කොත්තු, වඳ ඇඳුම් යන ආධී අසත්‍ය පුවත් වාර්තා කල නාලිකාවට අයත් පුවත් වෙබ් අඩවියක් මගිනි.

https://www.aruna.lk/articles/LtoP1sxBD1yleSLUJx6d

මෙහිදී හිටපු හමුදාපති දයාරත්නයක මහතා එක්වූ බවට සඳහන් පක්ෂය වන්නේ අදාළ අසත්‍ය පුවත පළකර ඇති මාධ්‍ය ආයතනයේ හිමිකරු වන දිලිත් ජයවීරගේ පක්ෂය සමඟයි.
දයා රත්නායක