පාර්ලිමේන්තුව පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාවක් බවට පත් වී ඇතැයි කතානායක පොදුජන පෙරමුණේ නායකයා වගේ හැමෝම ඇවිත් කතානායකතුමාට දුක කියන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ (26) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍ය වේදියෙකු ඇසූ ප්‍රශනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා දැක් වූ අදහස් . පාර්ලිමේන්තුවේ දී අපි අහන්නවා මේක පාර්ලිමේන්තුවක් ද? එහෙම නැත්නම් පොදුජන පෙරමුණේ මධ්‍යම කාරක සභාව ද? කියලා. අපි දැක්කා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා කෘෂිකර්ම ඇමති මහින්දා නන්ද අතර ඇති වූ වචන හුවමාරුව එහිදී හොදින් පෙනී ගියා ඒ අයගේ ගෙදර විසඳ ගන්න ඕන ප්‍රශ්න පාර්ලිමේන්තුව දක්වා ඇවිත් තිබෙන බව. මේ තත්ත්වය බරපතලයි මේවා එළි පිට කතා කරනවා කියන්නේ ෆයිට් එක පටන් අරන් කියලා පේන බවත් මේක කොයිවෙලාවේ ඩිවෝස් වෙයිද කියලා දන්නේ නැති බවයි.
මේ යන විදියට ගියොත් ඉතා ඉක්මනින් ආණ්ඩුව දෙදරනවා කථානායකතුමා ම විසින් ම ඩිවෝස් එක දෙයි කියලා පේන්න තියෙනවා මේ තුළින් ජනතාව තේරුම් ගත යුතුයි ප්‍රතිපත්තියක් තුළ එකතු නොවූ කණ්ඩායමක් බලය ලබා ගැනීම වෙනුවෙන් හදාගත්ත සන්ධානයක් බව. සිස්ටම් චේන්ජ් එකට වත් අලුත් දිසාවකට ගෙනියන්න වත් නෙමෙයි මේ අය ආවේ කියන එක ඔවුන්ගේ කතා තුලින් පෙන්නුම් කරන බවයි. මේ යථාර්ථය රටේ ජනතාව නැවතත් තේරුම් ගත යුතුයි.
ඒ වගේම මේ දවස් වල අය-වැය විවාදය තිබෙනවා එය ආණ්ඩුවේ සාරාංශය බවත් එය ජනාධිපතිතුමා හා මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමා සතුටු කිරීම සඳහා කරන විවාදයක් බවත් ඊට එහා ජනතාව මුහුණ පා තිබෙන ගැටලු හා ආර්ථික තත්වයත් ගැන කිසිම විග්‍රහයක් නොකර හැම එක්කෙනාම එක්කෝ මුදල් ඇමතිතුමා නග්ගනවා එහෙම නැත්නම් ජනාධිපතිතුමා නග්ගනවා ඉඳලා හිටලා මහින්ද රාජපක්ෂ මැතිතුමා වත් නග්ගන බව මන්ත්‍රීවරයා අවධාරණය කළේය.