එක්සත් ජනරජ පෙරමුණ විසින් පෙබරවාරි 14 වෙනිදා එළිදැක්වුනු දේශය වෙනුවෙන් එක්වන පියවරක්. ප්රකාශනයෙහි අන්තර්ගතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයට පැමිණ තිබෙනවා.
පාඨලී චම්පික රණවක ප්රමුඛ එක්සත් ජනරජ පෙරමුණ මින් පෙර සියළු දේශපාලන පක්ෂල සංවිධාන සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහි තවත් පියවරක් ලෙස සමගි ජන බලවේගය සහ එක්සත් ජනරජ පෙරමුණ අතර සාකච්ඡාව අද සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණ.
මෙම සාකච්ඡාව සඳහා සමගි ජන බලවේගය වෙනුවෙන් එහි මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාරල ජාතික සංවිධායක තිස්ස අත්තනායකල ගයන්ත කරුණාතිලක සහ මුජිබර් රහුමාන් යන මහත්වරුන් ද එක්සත් ජනරජ පෙරමුණ වෙනුවෙන් එහි නායක පාඨලී චම්පික රණවක සභාපති විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහල මහලේකම් බන්දුල චන්ද්රසේකරල ජ්‍යෙෂ්ඨ උපසභාපති නීතීඥ ශිරාල් ලක්තිලකල ජාතික සංවිධායක ඉංජිනේරු සුමේධ රත්නායක යන මහත්වරුන් ද එක්ව සිටියහ.
මෙම හමුව පිළිබඳව ට්විටර් සටහනක් තබමින් චම්පික රණවක මහතා කියා සිටින්නේ සමඟි ජන බලවේගයේ නායකයින් සමඟ මෙම වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කිරීමට ලැබීම ඉතාමත් සතුටුදායක බවත් මේ පිළිබඳව ඉතාමත් ගැඹුරු සංවාදයක නිරත වීමට ලැබූ බවත්ය.