ඉදිරි ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීමට එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඒ සඳහා වන ගිවිසුමට අද ඔවුන් අත්සන් තබා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අද දිනයේදී පැවැත්වෙන “සමගි ජනරජයක්, දේශය වෙනුවෙන් එක්වෙමු.!” යන මැයෙන් පැවැත්වෙන වැඩසටහනටද පාඨලී චම්පික රණවක සම්බන්ධ වී තිබෙනවා, එම එම වැඩසටහනේදී සජිත් ප්‍රේමදාස මහතා සමඟ එකඟතා ගිවිසුමක්ද අත්සන් තැබීමට නියමිතයි.

එම වැඩසටහනේ සජීවී දර්ශන මෙතනින් නරඹන්න.