පාකිස්තාන නාවික හමුදාවට අයත් ‘PNS TAIMUR’ යුද  නෞකාව නිල සංචාරයක් සඳහා අද උදෑසන (12) කොළඹ වරායට ළඟා වී තිබෙනවා.නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු යොදා තිබුණා.

balavegaya image 0f0bb6aa88 550x364 1

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘PNS TAIMUR’ නෞකාව දිගින් මීටර් 134 හා 169 ක පමණ නැව් මුළුවකගෙන් සමත්විත වන අතර, එහි අණදෙන නිලධාරී ලෙස කපිතාන් එම්. යසීර් තාහීර් කටයුතු කරනු ලබයි.   

‘PNS TAIMUR’ නෞකාවේ අණදෙන නිලධාරී සහ බටහිර නාවික විධානයේ ආඥාපති අතර නිල හමුවක් අද බටහිර නාවික විධාන මුලස්ථානයේ දී සිදු කිරීමට නියමිතව ඇති අතර, නෞකාව 2022 අගෝස්තු මස මස 15 දක්වා දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි කාර්යමණ්ඩලය, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සංවිධානය කරනු ලබන විවිධ වැඩසටහන් සඳහා සහභාගි වීමට නියමිතය.  

‘PNS TAIMUR’ නෞකාව 2022 අගෝස්තු මස මස 15 වන දින දිවයිනෙන් පිටත්ව යන අවස්ථාවේ ශ්‍රී ලංකා නාවික හමුදාව සමඟ බටහිර මුහුදේදී ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් සිදුකිරීමට ද නියමිතව ඇත.

තවද, පසුගිය 2021 වර්ෂයේ දෙසැම්බර් මස 13 වන දින ද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි පකිස්තානු නාවික හමුදාවට අයත් මෙවැනිම යුද නෞකාවක් වන ‘PNS TUGHRIL’ යුද නෞකාව සහ ශ්‍රී  ලංකා ‍නාවික නෞකා සිඳුරළ නෞකාව අතර සාර්ථක ඒකාබද්ධ නාවික අභ්‍යාසයක් 2021 දෙසැම්බර් මස 16 වන දින බටහිර නාවික විධානයට අයත් මුහුදු කළාපයේ පවත්වන ලදි.

කලාපීය නාවික හමුදාවන් සමඟ සිදු කෙරෙන මෙවැනි ඒකාබද්ධ නාවික අභ්‍යාස මඟින් වැඩි දියුණුවන සහයෝගීත්වය තුළින් ඉදිරියේදී පොදු සමුද්‍රීය අභියෝග සමූහිකව ජයගැනීමට හැකියාව ලැබෙනු ඇත.