මහතාට මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ නිර්දේශය අනුමත කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කල්දමා තිබෙනවා.

ඊයේ (10) රැස්වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අදාළ යෝජනාව ඉදිරිපත්ව ඇති අතර ඒ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට එහිදී තීරණය වු බවට වාර්තා වනවා.

නීතිපති සංජය රාජරත්නම් මහතාගේ සේවා කාලය මේ මස අග අවසන් වීමට නියමිත අතර ඔහුට තවත් මාස 06ක සේවා දිගුවක් ලබාදීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබෙනවා.

නීතිපතිවරයාට මෙම සේවා දිගුව ලබාදීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මෙන්ම සිවිල් ක්‍රියාකාරිකයින් ද නොසතුට ප්‍රකාශ කල අතර ඔවුන් ජනාධිපතිවරයා ගත් මෙම තීරණය තරයේ ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ මැතිවරණයට ඉතාමත් කෙටි කාලයක් තිබියදී රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට මූලික වශයෙන් බලපාන ඉහල තනතුරු තම අභිමතයට යටත් කරගැනීමේ වැයමක් මේ හරහා තිබෙන බවයි.

අදාළ යෝජනාව සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමිවිය යුතු අතර මීට පෙරද ඒ සඳහා අනුමැතිය ලබාදීම කල් දමා තිබුණා.

කෙසේවෙතත් ලබන 18 වන දින යළිත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර එහිදී නීතිපතිවරයාගේ සේවා දිගුව සම්බන්ධයෙන් අවසන් එකඟතාවයකට පැමිණීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළා.