බ්‍රිතාන්‍යයේ කොන්සර්වේටිව් පක්ෂයේ ජ්‍යෙෂ්ටයකු මෙන්ම බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ හිටපු නියෝජ්‍ය කතානායකවරයෙකු වූ මයිකල් මොරිස් හෙවත් නේස්බි සාමිවරයා (Lord Michael Neseby) සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුවක් අද (30) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ දී සිදුවූ අතර එහිදී විපක්ෂ නායකතුමා පවසා සිටියේ නිවැරදි නොවන ක්‍රියාමාර්ග හේතුවෙන් රටේ ආර්ථිකය ඇතුලු සියල්ල බරපතළ අඩියකට වැටී ඇති බවය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න,නිරෝෂන් පෙරේරා යන මහත්වරුන් ද එක්ව සිටියහ.
මේ වනවිට ශ්‍රීලංකාව මුහුණ දී ඇති තත්ත්වය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ලැබීය.