මේ රට මේ මොහොත වන විට බංකොලොත් තත්වයට පත්ව ඇති බවත් එම තත්වයෙන් ගොඩ ගැනීමට සමස්තයකගේ මතයට වඩා ආර්ථිකය පිලිබදව විශේසඥයින්ගේ මතය කුමක්ද යන්න අවදානය යොමු කල යුතු බවත් ඊයේ(14) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී පැවති ජාතික විද්වත් සභාව විසින් සංවිධානය කරන ලද සමගි ජන බලවේගයේ “THE BLUE PRINT” ආර්ථික සමුළුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සදහන් කළේය.

හුගක් අය තම තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් දේශපාලනය දෙස බලා මෙම අර්බුදය 75ක ශාපක ලෙස හැදින්වූවත්, එසේනම් නිදහසෙන් පසු ගත් සියලු ක්‍රියාමාර්ග අපතේ ගියාද යන්න ගැටළුවක් මතුවන බව ඒ මහතා සදහන් කළේය.

ආර්ථික ගැන කතා කිරීමෙදි ජාතික මෙන්ම ජාත්‍යන්තර විගණන ආයතන වල වාර්තා බැලිය යුතු බවත් එම වාර්තාවල පැහැදිලිවම රටේ බරපතල කඩාවැටීම පෙන්වා දෙනු ලබන්නේ 20-21 වසරේ සිට බවත් එම වාර්තා අනුව 2004 වසරේ සිට රටේ මුල්‍ය ව්‍යුහාත්මක ගැටළු සහ මුල්‍ය අශීලාචාර කමත් මෙතරම් තත්වයකට රට වැටීමට හේතුව බව කබීර් හෂීම් මහතා පැවසීය.

රට ගොඩනැගීමට නම් දේශපාලන සංස්කෘතිය සහමුලින්ම වෙනස් කල යුතු බවත් පරණ පක්ෂ තුල සිට එම වෙනස කිරීමට උත්සාහ දැරුවද එම පක්ෂය තුල වෙනසකට ඉඩ නැති නිසා සමගි ජන බලවේගය නමින් නව පක්ෂය ආරම්භ කල බවත් මෙම පක්ෂයත් සමග නව දේශපාලන දර්ශනයක් දේශපාලන සංස්කෘතියක් ආර්ථික ස්ථාවරත්වයක් ඇතිකිරීමට සුදානම් බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසිය.