මහින්ද රාජපක්ෂට සහ රනිල් වික්‍රමසිංහට මේ වන විට ඔවුන් මේ රටේ මිනිස්සුන්ට, පක්ෂවලට, පවුල්වලට,  කළ දේවල් පලදෙමින් තිබෙන බව හිරුනික ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

එතුමිය මේ බව කියා සිටින්නේ නාමල් රාජපක්ෂ පොදුජන පෙරමුණින් ජනාධිපතිවරණයට පැමිණීම සමගි ජන බලවේගයට ඉතාමත් වාසි සහගත බවත් නාමල් රාජපක්ෂට ජනාධිපතිවරණයෙන් 4 වන ස්ථානය හෝ 5 වන ස්ථානය පමණක් ඉතිරිවන බවත් ප්‍රකාශ කරමින්.

රටේ ජනතාව මේ වන විට රාජපක්ෂ දේශපාලනය ප්‍රතික්ෂේප කර තිබෙන අතර රනිල් වික්‍රමසිංහට සහයෝහය දුන් පොහොට්ටුවේ පීරිස් නැවත වතාවක් නාමල් රාජපක්ෂ සමඟ එක්වෙනු ඇති බවයි එතුමිය මෙහිදී අවධාරණය කරන්නේ.