දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව පෙත්සමක් ගොනු කිරීම සඳහා මහාචාර්ය ජී එල් පීරිස්, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, දුෂණ විරෝධී බලවේගයේ කැදවුම්කරු මුජිබර් රහ්මාන් යන මහත්වරුන් අද (26) කොළඹ අලුත්කඩේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පැමිණියේය.
ඒ රටේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලෙස, දේශීය ණය ප්‍රශස්තකරණය මුවාවෙන් වැඩ කරන ජනතාවට හිමි අර්ථසාධක අරමුදල සහ සේවක අර්ථසාධක භාරකාර මුදල ඇතුළු සමාජ ආරක්ෂණ අරමුදල් ප්‍රතිව්‍යුහගතකරණයට ආණ්ඩුව දරන උත්සාහයට එරෙහිවයි.
එම අවස්ථාවේදී මාධ්‍යයට අදහස් දක්වමින් අවධාරණය කළේ භාණ්ඩාගාර බැඳුම්කර භාණ්ඩාගාර බිල්පත් ස්වෛරී බැඳුම්කර ප්‍රතිව්‍යූහගතකරණයට යටත් නොකොට වැඩකරන ජනතාවගේ අරමුදලට ආණ්ඩුව අත තැබීම ගජ මිතුරන් සූරාකමින් ජනතාව පෙළන ක්‍රියාවලියට එරෙහිව නීතියෙන් සහ ප්රජාතන්ත්රවාදී විරෝධතාවයන් තුළින් උපරිම පියවර ගන්නා බවයි.