ප්‍රජාතන්ත්‍ර විරෝධිව රටේ මැතිවරණ පැවැත්වීම නතර කරන්න ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සුදානම් වන බවත් මැතිවරණ පැවැත්වීම සඳහා වන සටනේදී සමගි ජනබලවේගය ජනාතාව සමඟ සිටින බවත් ඒ වෙනුවෙන් අධිකරණයේදී , පාර්ලිමේන්තුවේදී , පාර්ලිමේන්තුවෙන් පිටතදී සටන් කරන්න සමගි ජනබලවේගය සූදානම් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ අද (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ අවස්ථාවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා මෙම අදහස් පැවසීය.

විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වන සියලු දෙනාට අවසානයේ සිදුවෙන්නේ දේශපාලනිකව සියදිවි නසා ගැනීමට බවත් වරප්‍රසාද බලාපොරොත්තුවෙන් විපක්ෂයේ සිට ආණ්ඩුවට එකතු වෙන සියලු දෙනා දේශපාලන ගණිකාවන් බවත් හර්ෂණ රාජකරුණා මහතා හෙතෙම සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූ අදහස්.