අබලන් වී ඇති වාරි පද්ධතිය පුනරුත්ථාපනය කළහැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක විය යුතු බවත් මෑත කාලයේ නම් එවැනි දෙයක් සිදු නොවූ බවත් රටේ එක් පසක ගංවතුර ඇති විට තවත් පසෙක වැස්ස ජලය නොමැතිව ගොවියා දුක් විදින බවත් එම නිසා තෙත් කලාපයෙන් වියලි කලාපයට ජලය ගෙන යා හැකි සැලසුමක් සකස් කළ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාතික සංවර්ධනයේ නාමයෙන් රටට ඵලදායී ව්‍යාපෘති දේශපාලනඥයන් ගේ සක්කු පුරවන බඩගෝස්තවාදී ව්‍යාපෘති බවට පත්ව ඇති බවත් මේ ක්‍රමය වෙනස් විය යුතු බවත් බංකොලොත් රටේවත් අප වෙනස් විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ පොළොන්නරුව මැදිරිගිරිය කොහොඹදබන කණිෂ්ඨ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 331 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ පුස්තකාලයට පොත් ලබා ගැනිමට පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.

බංකොලොත් රටක විපතට පත් ලක්ෂ 220ක් ජනතාව ගොඩගන්න අගයක් එකතු කිරීම මේ යටතේ සිදුවන බවත් මේහැමදේම කරන්නෙ ජනතාවගේ අයිතීන් සුරක්ෂිත කිරීමට බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කෘෂිකර්මාන්තයත් සුහුරු විය යුතු බවත් ගතානුගතික ක්‍රමවේදවලට වඩා නවීන ක්‍රමවේද අනුගමනය කර තාක්ෂණය උපයෝගී කරන ගෙන අවම ඉඩකින් වැඩි අස්වැන්නක් ලබාගත හැකි ලෙස දියුණු කළ යුතු බවත් මේ සඳහා දරාගත හැකි මුදලකට ගුණාත්මක යෙදවුම් ලබා දී කෘෂි නිෂ්පාදනය ඉහලටම වර්ධනය කර දේශීය මෙන්ම විදේශීය වෙළෙඳපොළටත් අප රටේ කෘෂි අස්වැන්න යොමු කළ හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වර්තමානයේ අස්වැන්න විකුණා ගත නොහැකි නිසා ගොවියන් මහපාරේ උද්ඝෝෂණ පවා සිදු කරන බවත් ස්ථාවර මිලක් නොමැතිව ගෙවියා අනාථ වි ඇති බවත් මේ ක්‍රමයේ වෙනසක් ඇතිව පැහැදිලි වගා සැලසුමක් රටට තිබිය යුතු බවත් ජාතික කෘෂිකර්මික සැලසුමක් අවශය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 62කට රුපියල් ලක්ෂ 1876ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 331ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3662ක් වැය කර තිබේ.