පොහොර නොමැති වීම නිසා ගොවි බිම් වල සිදු වූ හානි වෙනුවෙන් අම්පාර දෙහිඅත්තකණ්ඩියේ ගොවියන් ආණ්ඩුවෙන් වන්දි මුදලක් ඉල්ලා අද දින සිට අඛණ්ඩ උපවාසයක් අරඹා ඇත.
එම ගොවින් පවසන්නේ කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද මහතා පැවසූ රුපියල් 25,000ක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවත් එම මුදලෙන් යූරියා පොහොර මිටියකවත් මිලදි ගැනීමට නොහැකි බවයි .
බඩ, ඉරිඟු මු ඇතුළු ගොඩබිම් වගාකරන ගොවියන් පොහොර නොමැති නිසා සිය වගාබිම් වලින් ඇත්ව සිටි බවද ඔවුන් පැවසීය .
ඔවුන් පවසන්නේ රජයේ මගින් ගොවියන්ට සාධාරණ වන්දි මුදලක් ලබා දීමට පොරොන්දු වනතුරු අඛණ්ඩ උපවාසයේ නිරතවන බවය.
මෙය සංවිධාන කර ඇත්තේ සමගි ජන බලවේගයේ අම්පාර ආසන සංවිධායක ගයන් දර්ශන මහතා ඇතුළු දෙහිඅත්තකණ්ඩිය ගොවීන් ය.
සටහන – CJ