ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 100 වැනි ජන්ම දිනය හෙටට(23) යෙදී තිබෙන අතර ඒ වෙනුවෙන් ඊයේ දිනයේදී පොතුවිල් ප්‍රදේශයේදී අනුස්මරණ උත්සවයක් අති උත්කර්ශවත් ලෙස පැවැත්විණි.

අක්කරේපත්තුව මහා නගරසභා ශාලාව වන අල්ලාජ් ශ්‍රවනාගාරයේදී පැවති මෙම උත්සවයට සමගාමීව ආගමික වතාවත් මෙන්ම ලේ දන්දීමේ වැඩසටහනක්ද සිදුකෙරිණි.

සමගි ජන බලවේගයේ පොතුවිල් ආසන සංවිධායක එම්.අයි.ඒ.ආර්.බුහාරි මහතා විසින් මෙම අනුස්මරණ උත්සවය සංවිධානය කර තිබූ අතරම මෙම වැඩසටහන සඳහා පක්ෂ විපක්ෂ බේදයකින් තොරව පොතුවිල් ප්‍රදේශයේ ජනතාව විශාල පිරිසක් සම්බන්ධ විය.

රණසිංහ ප්‍රේමදාස

මීට අමතරව දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 100 වැනි ජන්ම දිනය යෙදෙන හෙට දිනයේ (23) උදේ 8.00ට කොළඹ අලුත්කඩේ පිහිටි එතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම ද අති උත්කර්ශවත් ලෙස සිදුකිරීමට නියමිතව තිබේ, මේ සඳහා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා, පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු පක්ෂයේ ප්‍රභලයින් මෙන්ම රටේ දේශපාලඥයින් විශාල පිරිසක් සම්බන්ධ වීමට නියමිතව තිබේ.