ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්  දයාසිරි ජයසේකර මහතා සජිත් ප්‍රේමදාස මහතාගේ රට හදන වැඩපිළිවෙලට සහයෝගය දැක්වීම සඳහා සමගි ජන බලවේගය සමඟ අද දිනයේ ගිවිසුම්ගත විය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමිඛ දූෂිත පිලේ මන්ත්‍රීවරුන් නිදහස් පක්ෂය අවභාවිතා කරමින් රනිල් රාජපක්ෂ ආණ්ඩුවට සහයෝගය දැක්වීමට තීරණය කර තිබෙන මොහොතක හිටපු ක්‍රීඩා ඇමති සහ හිටපු වයඹ පළාත් මහා ඇමති දයාසිරි ජයසේකර මහතා සමගි ජන බලවේගය සමඟ එක්වීම ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක මොහොතක් සනිටුහන් කරයි.