දැනුම කේන්ද්‍රීය ආර්ථිකය ගොඩනැගීම සඳහා බුද්ධිමතුන්ගෙන් සපිරි ජන සමාජයක් නිර්මාණය කළ යුතු බවත් ඒ සඳහා විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල 24ක් දිස්ත්‍රික්ක 24 තුළ නිර්මාණය කළ යුතු බවත් දැනටමත් විවෘත විශ්වවිද්‍යාල ලංකාවේ ඇති බවත් එහි ශිෂ්‍යයකු ලෙස තමා අදහස් කරන්නේ විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල දිස්ත්‍රික් මට්ටමින් ආරම්භ කර උසස් අධ්‍යාපනය සඳහා ඇති ප්‍රවේශය වැඩි කිරීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
උගතුන්ගේ බුද්ධිමතුන්ගේ අවස්ථාව මේ නිසා වැඩි වන බවත් වැඩි වැඩියෙන් උගතුන් බුද්ධිමතුන් හා විද්වතුන් බිහි වන බවත් මේ තුළින් උසස් අධ්‍යාපනයට බොහෝ අයට ප්‍රවේශය ලැබෙනවා මෙන්ම ඉහළ නිපුණතාව සහිත රැකියාවකට යා හැකි පරපුරක් නිර්මාණය වන බවත් ඊට අමතරව ජීවිත කාලය පුරාම ඉගෙනීමේ ක්‍රියාවලිය ප්‍රවර්ධනය කළ හැකි බවත් මේ ප්‍රජා විවෘත විශ්වවිද්‍යාල සංකල්පය නාගරික හා ග්‍රාමීය සංවර්ධනයට ඉවහල් වන බවත් මේ තුළින් නම්‍යශීලී උපාධි වැඩසටහන්, නම්‍යශීලී ඉගෙනුම් විකල්ප හා ප්‍රජා සහභාගීත්ව වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
ඒ අනුව සමගි ජන බලවේග රජයක් තුළ විවෘත ප්‍රජා විශ්වවිද්‍යාල සංකල්පය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්වය තුළ ආරම්භ කර උගතුන් බුද්ධිමතුන් ජන සමාජයේ බිහි කරන දැවැන්ත අධ්‍යාපනික සංවර්ධන වැඩසටහනට යොමුවන බවත් මේ සඳහා අපේ රටේ දූදරුන්ගේ හා තාරුණයයේ ප්‍රවේශය වැඩිවන විට නිපුණතාවෙන් ඉහළ රැකී රක්ෂා කළ හැකි ශ්‍රම බලකායක් නිර්මාණය වන විට වයස් භේදයකින් තොරව වැඩිහිටි ප්‍රජාවට අධ්‍යාපනයට යොමුව උපාධි ලබා ගත හැකි මාර්ගය සකස් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහනුවර උඩුනුවර දවුල්ගල වැලිගල්ල උඩුඅළුදෙණිය මහා විද්‍යාලය සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 351 වැනි අදියර යටතේ රුපියල් 1,177,000ක් සුහුරු පන්ති කාමර උපකරණ සහ ශබ්දකෝෂ රැසක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන ගිණුමට රු. ලක්ෂයක මුදලක් පරිත්‍යාග කළේය.
මේ තුළින් ප්රශස්ත ශ්‍රම බලකායක් නිර්මාණය වන බවත් ඊට අමතරව ඉහළ සාක්ෂාරතාවක් ඇති කර ගත හැකි බවත් එවිට කිසිම දේශපාලනඥයකුට රටේ ජනතාව, දූදරුවන් රැවටිය නොහැකි බවත් රටේ බහුතරයක් රටේ නීති සම්පාදන ක්‍රමය ගැන අවබෝධයක් නොමැති නිසා ප්‍රභූන් කියන දේ අසා රැවටෙන වහල් සංකල්පයෙන් අප මිදිය යුතු බවත් රටේ ප්‍රභූන් කියනවාට වඩා ජනතාවට සත්‍ය තේරුම් ගත හැකි පරපුරක් නිර්මාණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.
ඉංග්‍රීසි මෙන්ම චීන හා හින්දි භාෂාවත් ඉගෙන ගත යුතුයි
ඉංග්‍රිසි භාෂාව මෙන්ම චීන භාෂාවත් හින්දි භාෂාවත් අප ඉගෙන ගත යුතු බවත් ලෝකයේ වැඩිම ශ්‍රම වෙළෙඳපොළක් ඇත්තේ මේ රටවල් ද්විත්වයේ බවත් එම නිසා එම ශ්‍රම වෙළෙඳපොළ අප ඉලක්ක කර ගත යුතු බවත් මේ සෑම දෙයක්ම ක්‍රියාත්මක කරන්නේ අනාගතවාදී ඉදිරි දැක්මක් සහිතව බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
දරුවන් 41 ලක්ෂයක් ගැන අවංක සිතින් සිතනවා නම් සිංහල පමණයි දමිළ පමණයි කිය කියා නොසිට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම කළ යුතු බවත් එය සැබෑ දේශප්‍රේමීත්වය හා දේශමාමකත්වය බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ඉංජිනේරු, වෛද්‍ය, නීතිය, තොරතුරු තාක්ෂණය යන ක්ෂේත්‍ර හැරුණු කොට විශේෂයෙන් කලා ක්ෂේත්රයේ සියලු උපාධි විභාග සමත්ව රැකියාවක් නොමැතිව සිටින බවත් අවසානයේ ඔවුන්ට හිමිවන්නේ මහපාර බවත් මහපාරේ උද්ඝෝෂණය කර කර රැකියා ඉල්ලා සිටින බවත් අප රටේ එසේ වුවත් ලෝකයේ බොහෝ රටවල දක්ෂ උපාධිධාරීන් සොයා ගෙන විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ම රැකියා ලබා දීමට විවිධ සමාගම් ඉදිරිපත් වන බවත් එම නිසා අධ්‍යාපන ක්රමයේ පැහැදිලි සාධනීය වෙනසක් සිදුකළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 63කට රුපියල් ලක්ෂ 1906ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 89ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 89ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4342ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 351ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3896ක් වැය කර තිබේ.