2015 වසරට පෙර තාජුදීන් ඝාතනය ගැන සමාජය තුල විශාල කතිකාවක් ගොඩනැගී තිබූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසුව තාජුදීන් මළ සිරුර නැවතත් ගොඩගෙන පරීක්ෂණ පැවැත්වූ නමුත් එම පරීක්ෂණ වලට අදෘශ්‍යමාන හස්තයක් විසින් බාධා කළ බවත් එම පරීක්ෂණ නිසි ආකාරව සිදු නොවන බව තාජුදීන්ගේ පියා සහ නැගණිය මෛත්‍රීපාල සිරිසේන මහතාට දැන්වූ බවත් අද මුජිබර් රහ්මාන් මහතා මාධ්‍යට පැවසීය.
මෙම ඝාතනය පිළිබඳව මුල් පර්යේෂණ පැවැත්වූ අධිකරණ වෛද්‍යවරයා ව සිටී සිටි ආනන්ද සමරසේකර උසාවියට එම මරණය රිය අනතුරකින් සිදු සිදුවූවක් බව පැවසුවත් පසුව කළ පර්යේෂණවලින් තහවුරු වූයේ එය රිය අනතුරක් නොව මනුෂ්‍ය ඝාතනයක් බවයි.
නමුත් මෙම අධිකරණ වෛද්‍යවරයාට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් නොගත් බව මුජිබර් රහුමාන් මහතා මෙහිදී පැවසීය.
මෙම පර්යේෂණ වෙනත් මාවතකට යොමු කිරීමටත් මහින්ද රාජපක්ෂ රජ පවුල තව දුරටත් ආරක්ෂා කිරීමටත් මෙහෙයවූයේ කවුද යන වග මෛත්‍රීපාල සිරිසේන වහාම හෙළිදරව් කළ යුතු බව මුජිබර් රහුමාන් මහතා කියා සිටියේය.