සමගි ජන බලවේගය ප්‍රවර්ධනය කිරිමේ දිනමු වැඩසටහන අද ගම්පහ දිස්ත්‍රික්කයේ පැවත්වුණි.

balavegaya IMG 20211113 WA0038

දිනමු වැඩසටහන අතරතුර කාටන ආසන සංවිධායක හිටපු ජේෂ්ඨ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා එම ප්‍රවර්ධනය වැඩසටහනට සහභාගි වු සමගි තරුණ බලවේගයේ තරුණ නායකයන් සමග සිය අත්දැකීම් බෙදා ගත්තා.

එහිදී ඉදිරියේදී දේශපාලන වශයෙන් වැඩ කර යුක්තේ කෙසේද පිළිබඳ ඉදිරි පලාත් සභා නියෝජනය කිරීමට සිටින තරුණ නායකයන්ට උපදෙස් ලබා දුන්නා.

එම අවස්ථාවට හිටපු සබරගමු ජේෂ්ඨ මන්ත්‍රීතුමා ඩබ්. සෝමාදාස මහතා ද එක්ව සිටියා.

එම අවස්ථාවට දකුණ පලාත් හිටපු මන්ත්‍රී චතුර ගලප්පත්ති ,
හිටපු ඌව පලාත් මන්ත්‍රී රෝයි කාලිංද .මධ්‍යම පලාත් හිටපු මන්ත්‍රී හිදායල් සත්තාර්,තංගල්ල හිටපු නගරාධිපති රවිදු වෙදාආරච්චි යන සමගි තරුණ නායකයින් එක්ව සිටියහ.

balavegaya IMG 20211113 WA0039

සටහන – CJ