රටේ තින්දු තිරණ ගැනිමට ප්‍රජාතන්ත්‍රවාදය ආයතන වලට තරුණ නියෝජනය අවශ්‍ය බවත් එමනිසා පාර්ලිමේන්තු මැතිවරණය , පළාත් සභා හා පළාත් පාලන මැතිවරණය සදහා 25% ක තරුණ නියෝජනයක් ඇති කිරිම සදහා පාර්ලිමේන්තුවට කල් තැබීමේ යෝජනාවක් ලෙස ඉදිරිපත් කළ බවත් එය නිතීගත කිරීම සදහා පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුව ගෙන එන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පවසයි .

ඔහු කියා සිටියේ නිර්පාක්‍ෂික එකමුතුව හා ශක්තිය පෙන්විම හොද බවත් එහෙත් එය දේශපාලන හා ආර්ථික අර්බුදය විසදා ගැනිමට ප්‍රමාණවත් නොවන බවයි .

ඔහු කියා සිටින්නේ නීත්‍යනුකූල රාමුවක් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන සදහා තරුණයන්ගේ ප්‍රශ්න විසදා ගැනිමට තරුණ නියෝජනය අවශ්‍ය බවයි .

මහා පරේ ගැටුම් ඇති කර ගනිමින් දේශපාලන හා ආර්ථික ප්‍රශ්න වලට විසදුම් සෙවිය නොහැකි බව ද, කියා සිටියේය .

20 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරහා ස්වාධීන කොමිසන් සභා අහෝසි කිරිම තුළින් එක පුද්ගලයකු ග්‍රහණයට බලය අරන් ඇති බව ද, මන්ත්‍රීවරයා පැවසීය .

දේශපාලන පක්ෂ තුළ ද , අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය තිබිය යුතු බවත් එකම පවුලේ නියෝජනය අහිතකර බව ද, මන්ත්‍රීවරයා කියා සිටියේය .

සටහන – CJ