පසුගිය දා ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥවරු සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳව අප්‍රසාදය පළකරන බව කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය පවසනවා.

ඒ දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්කිරීමට එරෙහි වූයේ අපරාධකරුවන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතීඥවරු බව ටිරාන් අලස් අමාත්‍යවරයා පසුගිය දා ප්‍රකාශ කළා.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය පවසන්නේ, යම් පුද්ගලයෙකු නීතිය ඉදිරියේ වරදකරුවෙකු ලෙස තින්දු කරන තෙක් චූදිතයෙකු ලෙස සැලකෙන බවයි.

එවැනි චූදිතයින් වෙනුවෙන් පෙනී සිටීමට සහ චුදිතයෙකුට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට නීතිඥ සහාය ලබාගැනීමේ අයිතියක් පවතින බව ද එම සංගමය පෙන්වා දෙයි.

නීතිඥ වෘත්තිය රටේ යුක්තිය සාධාරණත්වය මෙන්ම නීතියේ ආධිපත්‍ය රැකගැනීමට කටයුතු කරන වෘත්තීය ක්ෂේත්‍රයක් බව කොළඹ මහාධිකරණ නීතීඥවරුන්ගේ සංගමය සිය නිවේදනය මඟින් තවදුරටත් පෙන්වා දෙනවා.

ටිරාන් අලස් අමාත්‍යවරයා නීතීඥ වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කිරීමට පියවර ගත යුතු බව එම සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන් වනවා.

Colombo High Court Lawyers' Association Colombo High Court Lawyers' Association Colombo High Court Lawyers' Association