උගත් බුද්ධිමත් ජනතා නායකයකු ලෙස වසර ගණනාවක් මුළුල්ලේ ප්‍රශස්ත ජනතා මෙහෙවරක නියැළුණු මහජන නියෝජිතයෙකු ලෙස ජස්ටින් ගලප්පත්ති මහතා හැඳින්විය හැකි බවත් උදාර ජනතා මෙහෙවරක නිරත වූ ජනතා පුත්‍රයෙකු බවත් දෙ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අභාවප්‍රාප්ත ජස්ටින් ගලප්පත්ති මහතා පිලිබදව වූ ශෝක යෝජනාව අද(25) පාර්ලිමේන්තුවට ගෙන එමින් ඒ මහතා මේ බව පැවසීය.